2. 12 :-වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වීම විග‍්‍රහකරයි. තරගකාරී වෙළෙඳපොළක සමතුලිත මිලක දී අනෙකුත් සාධක බලපෑම නිසා ඉල්ලූම් වක‍්‍රය හෝ සැපයුම් වක‍්‍රය හෝ වමට හෝ දකුණට විතැන් වීම නිසා වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වේ. · වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර පහත පරිදි වේ. · සැපයුම් වක‍්‍රය ස්ථාවර ව තිබිය දී ඉල්ලූම් වක‍්‍රය වෙනස් වීම · ඉල්ලූම් වක‍්‍රය ස්ථාවර ව තිබිය ද සැපයුම් වක‍්‍රය වෙනස් වීම · ඉල්ලූම් සහ සැපයුම් වක‍්‍ර දෙක ම එක වර වෙනස් වීම · සැපයුම් වක‍්‍රය ස්ථාවර ව තිබිය දී ඉල්ලූම් වක‍්‍රය වෙනස් වීම අනුව වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. රූපය 56 ඉල්ලූම් වක‍්‍රය සහ සැපයුම් වක‍්‍රය සමාන ප‍්‍රමාණයකින් වෙනස් වීම අනුව වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. රූපය 57 ඉල්ලූම වැඩි වන ප‍්‍රතිශතයට සමාන ප‍්‍රතිශතයකින් සැපයුම අඩු වූ විට සමතුලිත ප‍්‍රමාණය වෙනස් නොවේ. මෙය ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. රූපය 58