2.9 :- සැපයුම් මිල නම්‍යතාව ගණනය කරමින් එහි භාවිතයේ වැදගත්කම විග‍්‍රහකරයි.
සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී භාණ්ඩයේ මිල වෙනස්වීම කෙරෙහි සැපයුම් ප‍්‍රමාණය දක්වන සංවේදීතාව සැපයුම් මිල නම්‍යතාව යි.
· එනම් සලකා බලන භාණ්ඩයේ මිල යම් ප‍්‍රතිශතයකින් වෙනස් වන විට සැපයුම් ප‍්‍රමාණය කොපමණ ප‍්‍රතිශතයකින් වෙනස් වේ ද යන්න මැන දැක්වීම සැපයුම් මිල නම්‍යතාවයෙන් සිදු කරයි. සැපයුම් නම්‍යතාව ලෙසින් ව්යවහාර වන්නේ ද සැපයුම් මිල නම්‍යතාව ම ය.
· සැපයුම් මිල නම්‍යතාව පහත ආකාරයට ගණනය කළ හැකි ය.
රූපය 32
රූපය 33
භාණ්ඩයේ මිල සැපයුම් ප‍්‍රමාණයක් අතර පවත්නා අනුලෝම සම්බන්ධය නිසා සැපයුම් නම්‍යතාව සංගුණකය ධන අගයක් ගනී. මෙසේ සිදු වන්නේ සැපයුම් වක‍්‍රය ධන බැවුමකින් යුක්ත නිසා ය.
· සැපයුම් වක‍්‍රයේ කිසියම් ලක්‍ෂ්‍යයක නම්‍යතාව ගණනය කළ විට එම ලක්‍ෂ්‍යය සැපයුම් නම්‍යතාවයි.
· ලක්ෂ්ය සැපයුම් නම්‍යතාව ගණනය කිරීම සදහා ද යොදා ගනු ලබන්නේ ඉහත දැක්වූ සැපයුම් නම්‍යතා සූත්රය ම ය. එය පහත පරිදි දැක්විය හැකි ය.
රූපය 34
මෙලෙස එක ම ප‍්‍රමාණයකින් මිල අඩු වීමේ දී හා වැඩි වීමේ දී විශාල වෙනස්කම් සහිත නම්‍යතා අගය දෙකක් ලැබීම ලක්‍ෂ්‍යය නම්‍යතාවෙහි දුර්වලතාවයකි.
· මේ නිසා විශාල මිල වෙනස්කම් හා සම්බන්ධ ව සැපයුම් නම්‍යතාව ගණනය කිරීම සදහා චාප සැපයුම් නම්‍යතාව යොදා ගනී.
· චාප සැපයුම් නම්‍යතාව පහත ආකාරයට ගණනය කළ හැකි ය.
රූපය 35
රූපය 36
සැපයුම් මිල නම්‍යතාව හා සැපයුම් වක‍්‍රයේ බෑවුම අතර සම්බන්ධතාවයක් පවතී.
· සැපයුම් නම්‍යතා සූත්රය භාවිත කරමින් සැපයුම් වක‍්‍රයේ ඕනෑම ලක්‍ෂ්‍යයක සැපයුම් නම්‍යතාව ගණනය කළ හැකි ය.
රූපය 37
මෙයින් ද අදහස් වන්නේ පෙර දැක් වූ සැපයුම් නම්‍යතා සූත්රය ම ය. එනම්,
රූපය 38
සැපයුම් මිල නම්‍යතාව සැපයුම් සමීකරණයක් ඇසුරෙන් ද ගණනය කළ හැකි ය.
රූපය 39
සැපයුම් නම්‍යතා සංගුණකය සඳහා ලැබෙන අගය ශූන්යයේ (0) සිට අපරිමිත (α) දක්වා වෙනස්වේ.
· එම සංගුණකයෙහි අගය පදනම් කරගනිමින් සැපුයම් මිල නම්‍යතා ප‍්‍රභේද පහක් දැක්විය හැකිය.
1 ඒකීය සැපයුම් නම්‍යතාව
2 එකට අඩු සැපයුම් නම්‍යතාව
3 එකට වැඩි සැපයුම් නම්‍යතාව
4 පූර්ණ නම්‍ය සැපයුම් නම්‍යතාව
5 පූර්ණ අනම්‍ය සැපයුම් නම්‍යතාව
· සැපයුම් කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේමිල වෙනස් වන ප‍්‍රතිශතයෙන් ම සැපයුම් ප‍්‍රමාණය ද වෙනස් වේ නම් එය ඒකීය නම්‍ය සැපයුමයි.
· මෙහි දී සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය එක (1) වේ.
· මූල ලක්‍ෂ්‍යය හරහා ගමන් කරන සැම සැපයුම් වක‍්‍රයක ම සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය එක වේ.
· ඊට හේතුව මූල ලක්‍ෂ්‍යයෙන් ආරම්භ වන සැපයුම් වක‍්‍රයක මිල සහ සැපයුම් ප‍්‍රමාණය අතර අනුපාතය සමාන වීම යි.
රූපය 40
ඉහත ප‍්‍රස්තාර සටහනෙහි දැක්වෙන තිරස් අක්ෂය හරහා ගමන් කරන S සැපයුම් වක‍්‍රයෙහි නම්‍යතා සංගුණයෙහි අගය එකට අඩු වේ.
· සැපයුම් වක‍්‍රය ඉහළට ගමන් කරන විට නම්‍යතා සංගුණකයේ අගය එකට ආසන්න වන තෙක් ඉහළ යයි. ඊට හේතුව මිලක් සැපයුම් ප‍්‍රමාණයක් අතර අනුපාතය ඉහළ යෑම යි.
· අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී මිල වෙනස් වන ප‍්‍රතිශතයට වඩා වැඩි ප‍්‍රතිශතයකින් සැපයුම් ප‍්‍රමාණය වෙනස් වේ නම් එය එකට වැඩි සැපයුම් නම්‍යතාව(නම්‍ය සැපයුම)යි.
· මෙහි දී සැපයුම් නම්‍යතාව ස`දහා ලැබෙන අගය එකට වැඩි (ඝ1) වේ.
· සිරස් අක්ෂයට හරහා ගමන් කරන සැම සැපයුම් වක‍්‍රයක ම ඇත්තේ එකට වැඩි සැපයුම් නම්‍යතාවයි.
රූපය 41
ප‍්‍රස්තර සටහනෙහි දැක්වෙන සැපයුම් වක‍්‍රයෙහි නම්‍යතා අගය එකට වැඩි වේ.
· සැපයුම් වක‍්‍රය ඉහළට ගමන් කරන විට වක‍්‍රය දිගේ ඉහළට යත් ම එම එකට වැඩි අගය ක්රමයෙන් අඩු වී එකට සමීප වේ.
· ඊට හේතුව මිල සහ සැපයුම් ප‍්‍රමාණය අතර අනුපාතය පහළ යාම යි.
· අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී භාණ්ඩයේ මිලේ ඇති වන වෙනස් වීමකට ප‍්‍රතිචාර වශයෙන් භාණ්ඩයේ සැපයුම් ප‍්‍රමාණයෙහි කිසි දු වෙනසක් සිදු නොවේ නම් ඒ පූර්ණ අනම්‍ය සැපයුම් නම්‍යතාවයි.
· එහි දී සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය ශුන්‍ය (0) වේ.
· සැපයුම් වක‍්‍ර සිරස් අක්ෂයට සමාන්තර සරල රේඛාවක් සේ පිහිටයි.
රූපය 42
අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී භාණ්ඩයේ මිලෙහි ඇති වන ඉතා සුළු ප‍්‍රතිශතක වෙනස්වීමකට (ශුන්‍ය මිල මට්ටමේ වෙනසකට) ප‍්‍රතිචාර වශයෙන් සැපයුම් ප‍්‍රමාණය විශාල වශයෙන්වෙනස් වේ නම් ඒ පූර්ණ නම්‍ය සැපයුම් නම්‍යතාවයි.
· මෙහි දී සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය අපරිමිත වේ.
· සැපයුම් වක‍්‍රය තිරස් අක්ෂ්යට සමාන්තර සරල රේඛාවක් සේ පිහිටයි.
රූපය 43
භාණ්ඩයක සැපයුම් මිල නම්‍යතාව තීරණය කරන සාධක ගණනාවකි.
· ඒ අතරින් වැදගත් ප‍්‍රධාන සාධක පහත දැක් වේ.
1 සාධක සංචලන හැකියාව
2 භාණ්ඩයේ ස්වභාවය
3 තොග පවත්වා ගෙන යෑමේ හැකියාව
4 මිල වෙනස් වීම හේතුවෙන් සැපයුම් වෙනස් කිරීමට ගත වන කාලය
· එක් නිෂ්පාදන කාර්යයක සිට වෙනත් නිෂ්පාදන කාර්යයක් සඳහා සම්පත් මාරුවීම සාධක සංචලනය යන්නෙන් අදහස් වේ.
· කිසියම් භාණ්ඩයක මිල වැඩි වන විට එම භාණ්ඩයේ සැපයුම කෙටි කාලයක් තුළ වැඩි කළ හැක්කේ එම භාණ්ඩය සදහා අවශ්ය කරන යෙදවුම් වෙනත් නිෂ්පාදනවලින් ලබා ගැනීමෙනි.
· එලෙසින් එක් නිෂ්පාදන කාර්යයක සිට තවත් නිෂ්පාදන කාර්යයක් සදහා සම්පත් පහසුවෙන් මාරු කිරීමට හැකි වන විට භාණ්ඩයේ මිල වැඩි වන විට සැපයුම් ද කෙටි කාලයක් තුළ වැඩි වේ.
· මේ අනුව සාධක සංචලන හැකියාව වැඩි වන විට පවතින්නේ නම්‍ය සැපයුම් තත්ත්වයකි.
· එහෙත් සාධක සංචලන හැකියාව දුෂ්කර වන විට එම භාණ්ඩ සදහා ඇත්තේ අනම්‍ය සැපයුම් තත්ත්වයකි.
· සලකා බලන භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන නිෂ්පාදන සම්පත් වෙනත් භාණ්ඩ නිපදවීම සදහා ආදේශ කිරීමේ හැකියාව භාණ්ඩයේ ස්වභාවය යන්නෙන් අදහස් වේ.
· කිසියම් භාණ්ඩයක් නිපදවීම සදහා භාවිත කරන නිෂ්පාදන සාධයක් වෙනත් නිෂ්පාදන සාධයකයක් වෙනත් නිෂ්පාදන කාර්යයක් සදහා ආදේශ කිරීමේ හැකියාව වැඩි නම් එම භාණ්ඩයේ සැපයුම නම්‍ය වේ.
නිදසුන් -
මේස නිෂ්පාදනය සදහා භාවිත කරන සම්පත් ඇදන් නිෂ්පාදනය සදහා පහසුවෙන් ආදේශ කළ හැකි ය. මේ නිසා ඇදන් නිෂ්පාදනවල මිල ඉහළ ගිය විට මේස සදහා යොදා ගත් සම්පත් ඇදන් සදඟා ආදේශ කළ හැකි බැවින් ඇදන් සැපයුම වැඩි වේ.
මේස සැපයුම අඩු වේ.
· යම් භාණ්ඩයක තොග පවති ද නැද්ද යන්නත් එම භාණ්ඩයේ සැපයුම් නම්‍යතාව කෙරෙහි බලපායි.
· තොග පවත්වා ගෙන යෑමේ හැකියාව වැඩි නම් එම භාණ්ඩ සඳහා නම්‍ය සැපයුමක් පවතී.
· එහෙත් තොග පවත්වා ගෙන යෑම දුෂ්කර ව පවතින භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය සැපයුම් තත්ත්වයකි.
· මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය විශාල නම් එවැනි භාණ්ඩ සඳහා ඇත්තේ නම්‍ය සැපයුමකි. ඊට හේතුව අදාළ කාලය විශාල වත් ම සාධක සංචලනය වීමට ඉඩකඩ වැඩි විම යි.
· එහෙත් මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය කෙටි නම් එවැනි භාණ්ඩ සදහා ඇත්තේ අනම්‍ය සැපයුමකි. අදාළ කාලය කෙටි නිසා සාධක සංචලනය වීමට ඇති ඉඩකඩ අඩු විම එයට හේතුව යි.
· සැපයුම් මිල නම්‍යතා සංකල්පය ආර්ථික විශ්ලේෂණය සදහා ඉතා වැදගත් වේ.
· පරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට විවිධ තීරණ ගැනීමේ දී සැපයුම් නම්‍යතා පිළිබදව දැනුවත්ව සිටීම වැදගත් ය.
· පහත දැක්වෙන්නේ මෙම විවිධ පිරිස්වලට ප‍්‍රායෝගික වශයෙන් සැපයුම් නම්‍යතා සංකල්පය වැදගත් වන අවස්ථා කිහිපයකි.
· භාණ්ඩයක මිල වෙනස් වන විට පාර්භෝගික පැහැදම / නිෂ්පාදනක අයභාරයට කෙරෙන බලපෑම පුරෝකථනය කළ හැකි වීම.
· තම නිෂ්පාදන සඳහා ආදායම උපරිම කෙරෙන ආකාරයට මිලක් තීරණය කළ හැකි වීම.
· ව්‍යාපාර ආයතනයකට ඇති ඒකාධිකාරී ශක්තිය නිශ්චය කළ හැකි වීම.
· යම් භාණ්ඩයක් සදහා පවතින ආදේශක හා අනුපුරක භාණ්ඩ කවරේ ද යන්න හදුනා ගැනීම
· සාධක සංචලන හැකියාව හදුනා ගත හැකි වීම.

Comments
Post a Comment