Skip to main content
2 :- ඉල්ලූම, සැපයුම, නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය විශ්ලේෂණය කරයි.
2.1 :- ඉල්ලූම් තීරක ඇසුරින් ඉල්ලූම් න්‍යාය හා ඉල්ලූම් නීතිය විග‍්‍රහකරයි.
· නිශ්චිත කාලයක් තුළ ඉල්ලූම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩය සඳහා වූ විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප‍්‍රමාණ ඉල්ලූම ලෙස හැඳින්වේ.
ඉල්ලූම පහත පරිදි වර්ග කළ හැකි ය,
· පෞද්ගලික ඉල්ලූම
· වෙළෙඳපොළ ඉල්ලූම
නිශ්චිත කාලයක් තුළ දී වෙළෙඳපොළේ සිටින එක් ගැනුම්කරුවකු විසින් සලකා බලන භාණ්ඩයට පවතින විකල්ප මිල යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප‍්‍රමාණ පෞද්ගලික ඉල්ලූම ලෙස හැඳින්වේ.
· නිශ්චිත කාලයක් තුළ දී වෙළෙඳපොළේ සිටින සියලූම ගැනුම්කරුවන් විසින්, සලකා බලන භාණ්ඩය සඳහා පවතින විකල්ප මිල ගණන් යටතේ මිල දී ගැනීමට අපේක්ෂා කරන ප‍්‍රමාණවල එකතුව වෙළෙඳපොළ ඉල්ලූම ලෙස හැඳින්වේ.
රූපය 1
· පෞද්ගලික ඉල්ලූම තීරණය කරන සාධක වලට අමතරව ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව හා සංයුතිය යන සාධකය වෙළෙඳපොළ ඉල්ලූම තීරණය වීම කෙරෙහි බලපායි.
රූපය 2
§ ඉල්ලූම් තීරණය වීමට බලපාන  ඕනෑම සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලූම වෙනස් වන ආකාරය විග‍්‍රහකොට දැක්වීම ඉල්ලූම් න්‍යායය ලෙස හැඳින්වේ.
§ දෙන ලද නිශ්චිත අවස්ථාවක දී, ඉල්ලූම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා එහි ඉල්ලූම් ප‍්‍රමාණය අතර පවතින ප‍්‍රතිලෝම සම්බන්ධතාව ඉල්ලූම් නීතිය ලෙස හැඳින්වේ.
· ඉල්ලූම් නීතිය ඉදිරිපත් කිරිමේ දී එය පහත සඳහන් උපකල්පන මත පිහිටා ඇත.
· නිශ්චිත අවස්ථාවක මිල හා ඉල්ලූම් ප‍්‍රමාණය සැලකිල්ලට ගැනීම
· මිල හැර ඉල්ලූමට බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව පැවතීම
· සාමාන්ය භාණ්ඩයක ඉල්ලූම සැලකිල්ලට ගැනීම
· තාර්කික ගැනුම්කරුවන්ගේ හැසිරීම් සැලකිල්ලට ගැනීම
ඉල්ලූම් නීතිය ඉදිරිපත් කළ හැකි විකල්ප ක්රම පහත පරිදි දැක්විය හැකි ය.
· ඉල්ලූම් ලේඛනය
· ඉල්ලූම් වක‍්‍රය
· ඉල්ලූම් සමීකරණය
· නිශ්චිත අවස්ථාවක ඉල්ලූමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයට පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ ගැනුම්කරුවන් මිල දී ගැනීමට අපේක්ෂා කරන ප‍්‍රමාණයන් දක්වන ලේඛනය ඉල්ලූම් ලේඛනය ලෙස හඳුන්වයි.
රූපය 3
නිශ්චිත අවස්ථාවක, ඉල්ලූම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබියදී සලකා බලන භාණ්ඩයේ විකල්ප මිල ගණන් යටතේ ඉල්ලූම ප‍්‍රමාණයන් දක්වන ලක්ෂ්‍යයයන් සම්බන්ධ කොට අඳිනු ලබන රේඛාව ඉල්ලූම් වක‍්‍රය ලෙස හඳුන්වයි.
රූපය 4
නිශ්චිත අවස්ථාවක ඉල්ලූම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල ගණන් හා ඉල්ලූම් ප‍්‍රමාණ අතර ප‍්‍රතිලෝම සම්බන්ධතාව සමීකරණයක් මගින් සාරාංශ කොට දැක්වීම ඉල්ලූම් සමීකරණය ලෙස සලකයි.
රූපය 5
සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලූම් වක‍්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වේ.
· සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලූම් වක‍්‍රය පහළට බෑවුම් වන්නේ සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලූම් ප‍්‍රමාණය අතර ප‍්‍රතිලෝම සම්බන්ධතාව නිසා ය. එය ඉල්ලූම් නීතිය ලෙස හැඳින්වේ.
· සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලූම් ප‍්‍රමාණය අතර ප‍්‍රතිලෝම සම්බන්ධය ඇති වීමට හේතු විවිධ ප‍්‍රවේශ ඔස්සේ ඉදිරිපත් වී ඇති නමුදු මෙහි දී සලකා බලන්නේ මිල ප‍්‍රතිවිපාකය පිළිබඳ ව පමණි.
· මිල ප‍්‍රතිවිපාකය සමන්විත වන්නේ උප ප‍්‍රතිවිපාක දෙකකිනි. එනම්
1 මිල වෙනස් වීමක ආදේශන ප‍්‍රතිවිපාකය
2 මිල වෙනස් වීමක ආදායම් ප‍්‍රතිවිපාකය
· ඉල්ලූම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි හෝ වීම හේතු කොටගෙන එහි සාපේක්ෂ මිල අඩු හෝ වැඩි හෝ වීම නිසා සලකා බලන භාණ්ඩය සඳහා වූ ඉල්ලූම් ප‍්‍රමාණය වෙනස් වීම ආදේශන ප‍්‍රතිවිපාකය ලෙස හැඳින්වේ.
· ගැණුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළු අනෙකුත් සාධක නොවෙනස්ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි හෝ වීම හේතු කොටගෙන මූර්ත ආදායමේ ඇති වන වෙනස් වීම් මත සලකා බලන භාණ්ඩයේ ඉල්ලූම් ප‍්‍රමාණය අඩු හෝ වැඩි වීම ආදායම් ප‍්‍රතිවිපාකය ලෙස සලකයි.
· සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ යාමක දී ආදේශණ ප‍්‍රතිවිපාකය සහ ආදායම් ප‍්‍රතිවිපාකය ධන අගයක් ගැනීම නිසා එහි ඉල්ලූම් ප‍්‍රමාණය ප‍්‍රසාරණය වීමත් සාමාන්‍ය භාණ්ඩයක මිල ඉහළ යාම නිසා ආදේශන ප‍්‍රතිවිපාකය සහ ආදායමේ ප‍්‍රතිවිපාකය සෘණ අගයක් ගැනීම හේතුවෙන් එහි ඉල්ලූම් ප‍්‍රමාණය සංකෝචනය වීමත් සිදුවේ.
සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ යාමක දී සහ මිල ඉහළ යාමක දී මිල ප‍්‍රතිවිපාකය ක‍්‍රියාත්මක වීම පහත දැක්වෙන වගුවෙන් පෙන්නුම් කෙරේ.
රූපය 6
ඉහත රූප සටහනේ ද මිල රු 20 සිට 10 දක්වා පහළ යන විට ඉල්ලූම් ප‍්‍රමාණය 200 සිට 300 දක්වා ඉහළ යාම ඉල්ලූම් ප‍්‍රසාරණය වේ.
මිල රු. 20 සිට 30 දක්වා ඉහළ යනවිට ඉල්ලූම් ප‍්‍රමාණය ඒකක 200 සිට 100 දක්වා පහළ යාම ඉල්ලූම් සංකෝචනය වේ.
· ඉල්ලූම් නීතියට පටහැණි අවස්ථා පහත පරිදි දැක්විය හැකි ය.
ගිෆන් භාණ්ඩ / ප‍්‍රදර්ශනාත්මක භාණ්ඩ
මෙම භාණ්ඩවල මිල ඉහළ යන විට ඉල්ලූම් ප‍්‍රමාණය ඉහළ යන අතර මිල පහළ යන විට ඉල්ලූම් ප‍්‍රමාණය පහළ යන බැවින් මිල හා ඉල්ලූම් ප‍්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් ඇති වේ. මේ නිසා ඉල්ලූම් වක‍්‍රයේ හැඩය පහළ සිට ඉහළට බෑවුම් වූ ස්වරූපයක් ගනී.
රූපය 7
සාමාන්යයෙන් ගිෆන් භාණ්ඩවල මිල අඩු වීමක් කරණ කොට ගෙන ඇති වන ආදේශන ප‍්‍රතිවිපාකය ධන අගයක් ගත්ත ද ආදායම් ප‍්‍රතිවිපාකය ප‍්‍රබල සෘණ අගයක් ගන්නා නිසා මිල අඩු වීමක දී ඉල්ලූම් ප‍්‍රමාණය පහළ යයි.
· එසේ ම ගිෆන් භාණ්ඩවල මිල ඉහළ යාම කරණ කොටගෙන ඇති වන ආදේශන ප‍්‍රතිවිපාකය සෘණ අගයක් ගන්නා අතර ආදායම් ප‍්‍රතිවිපාකය ප‍්‍රබල ධන අගයක් ගන්නා බැවින් මිල ඉහළ යාමක දී ඉල්ලූම් ප‍්‍රමාණය ඉහළ යයි.
· ප‍්‍රදර්ශනාත්මක භාණ්ඩවල මිල ඉහළ යන විට ඒවාට ඇති ඉල්ලූම් ප‍්‍රමාණය වැඩි කරන්නේ ගැනුම්කරුගේ ව්‍යාජ තත්ත්වය ප‍්‍රදර්ශනය කිරීමේ අපේක්ෂාවෙනි. නිදසුනක් ලෙස දියමන්ති, මිල අධික වාහන ඉල්ලූම් කරන්නේ ප‍්‍රදර්ශනාත්මක ප‍්‍රතිවිපාකය මත යි. මෙම නිසා මෙම භාණ්ඩය ඉල්ලූම් නීතියට පටහැණි අවස්ථාවකි.

Comments

Popular posts from this blog

2. 11 :-වෙළෙඳපොළ සමතුලිතය තීරණය වන ආකාරය තරගකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ අපේක්ෂාවන් තුලනය වන අවස්ථාව වෙළෙඳපොළ සමතුලිතය යි. · එහි දී ඉල්ලූම්කරුවන් ඉල්ලන ප‍්‍රමාණයත් සැපයුම්කරුවන් සපයන ප‍්‍රමාණයත් එකිනෙකට සමාන වෙන නිසා අධි ඉල්ලූම්ක් හෝ අධි සැපයුමක් හෝ දක්නට නොලැබෙන අතර ඉල්ලූම්කරුවන්ගේ අපේක්ෂිත මිල හා සැපයුම්කරුවන්ගේ අපේක්ෂිත මිල එකිනෙකට සමාන වන බැවින් අධි ඉල්ලූම් මිලක් හෝ අධි සැපයුම් මිලක් ඇති නොවේ. · වෙළෙඳපොළ සමතුලිතයක ඇති කොන්දේසි පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. 1 අපේක්ෂිත ඉල්ලූම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය. 2 අපේක්ෂිත ඉල්ලූම් ප‍්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප‍්‍රමාණය සමානවිය යුතු ය. 3 අධි ඉල්ලූම් ප‍්‍රමාණය හා අධි සැපයුම් ප‍්‍රමාණය ශුන්‍ය විය යුතු ය. 4 අධි ඉල්ලූම් මිල හා අධි සැපයුම් මිල ශුන්‍ය විය යුතු ය. 5 පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතු ය. · වෙළෙඳපොළ සමතුලිතය සත්ය වෙළෙඳපොළ තත්ත්වයක් නොව අපේක්ෂිත තත්ත්වයකි. · වෙළෙඳපොළ සමතුලිතය වෙළෙඳපොළ දිශාව පෙන්නුම් කරන දර්ශකයකි. · සමතුලිත තත්ත්වයෙන් වෙළෙඳපොළක් ඈත්වුණු විට නැවත ස්වයංක්ර...
2.9 :- සැපයුම් මිල නම්‍යතාව ගණනය කරමින් එහි භාවිතයේ වැදගත්කම විග‍්‍රහකරයි. සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී භාණ්ඩයේ මිල වෙනස්වීම කෙරෙහි සැපයුම් ප‍්‍රමාණය දක්වන සංවේදීතාව සැපයුම් මිල නම්‍යතාව යි. · එනම් සලකා බලන භාණ්ඩයේ මිල යම් ප‍්‍රතිශතයකින් වෙනස් වන විට සැපයුම් ප‍්‍රමාණය කොපමණ ප‍්‍රතිශතයකින් වෙනස් වේ ද යන්න මැන දැක්වීම සැපයුම් මිල නම්‍යතාවයෙන් සිදු කරයි. සැපයුම් නම්‍යතාව ලෙසින් ව්යවහාර වන්නේ ද සැපයුම් මිල නම්‍යතාව ම ය. · සැපයුම් මිල නම්‍යතාව පහත ආකාරයට ගණනය කළ හැකි ය. රූපය 32 රූපය 33 භාණ්ඩයේ මිල සැපයුම් ප‍්‍රමාණයක් අතර පවත්නා අනුලෝම සම්බන්ධය නිසා සැපයුම් නම්‍යතාව සංගුණකය ධන අගයක් ගනී. මෙසේ සිදු වන්නේ සැපයුම් වක‍්‍රය ධන බැවුමකින් යුක්ත නිසා ය. · සැපයුම් වක‍්‍රයේ කිසියම් ලක්‍ෂ්‍යයක නම්‍යතාව ගණනය කළ විට එම ලක්‍ෂ්‍යය සැපයුම් නම්‍යතාවයි. · ලක්ෂ්ය සැපයුම් නම්‍යතාව ගණනය කිරීම සදහා ද යොදා ගනු ලබන්නේ ඉහත දැක්වූ සැපයුම් නම්‍යතා සූත්රය ම ය. එය පහත පරිදි දැක්විය හැකි ය. රූපය 34 මෙලෙස එක ම ප‍්‍රමාණයකින් මිල අඩු වීමේ දී හා වැඩි වීමේ දී විශාල වෙනස්කම් සහිත නම්‍යතා අගය දෙ...