Skip to main content

2. 12 :-වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වීම විග‍්‍රහකරයි.
තරගකාරී වෙළෙඳපොළක සමතුලිත මිලක දී අනෙකුත් සාධක බලපෑම නිසා ඉල්ලූම් වක‍්‍රය හෝ සැපයුම් වක‍්‍රය හෝ වමට හෝ දකුණට විතැන් වීම නිසා වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වේ.
· වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර පහත පරිදි වේ.
· සැපයුම් වක‍්‍රය ස්ථාවර ව තිබිය දී ඉල්ලූම් වක‍්‍රය වෙනස් වීම
· ඉල්ලූම් වක‍්‍රය ස්ථාවර ව තිබිය ද සැපයුම් වක‍්‍රය වෙනස් වීම
· ඉල්ලූම් සහ සැපයුම් වක‍්‍ර දෙක ම එක වර වෙනස් වීම
· සැපයුම් වක‍්‍රය ස්ථාවර ව තිබිය දී ඉල්ලූම් වක‍්‍රය වෙනස් වීම අනුව වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.
රූපය 56
ඉල්ලූම් වක‍්‍රය සහ සැපයුම් වක‍්‍රය සමාන ප‍්‍රමාණයකින් වෙනස් වීම අනුව වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.


රූපය 57
ඉල්ලූම වැඩි වන ප‍්‍රතිශතයට සමාන ප‍්‍රතිශතයකින් සැපයුම අඩු වූ විට සමතුලිත ප‍්‍රමාණය වෙනස් නොවේ. මෙය ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.
රූපය 58

Comments

Popular posts from this blog

2. 11 :-වෙළෙඳපොළ සමතුලිතය තීරණය වන ආකාරය තරගකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ අපේක්ෂාවන් තුලනය වන අවස්ථාව වෙළෙඳපොළ සමතුලිතය යි. · එහි දී ඉල්ලූම්කරුවන් ඉල්ලන ප‍්‍රමාණයත් සැපයුම්කරුවන් සපයන ප‍්‍රමාණයත් එකිනෙකට සමාන වෙන නිසා අධි ඉල්ලූම්ක් හෝ අධි සැපයුමක් හෝ දක්නට නොලැබෙන අතර ඉල්ලූම්කරුවන්ගේ අපේක්ෂිත මිල හා සැපයුම්කරුවන්ගේ අපේක්ෂිත මිල එකිනෙකට සමාන වන බැවින් අධි ඉල්ලූම් මිලක් හෝ අධි සැපයුම් මිලක් ඇති නොවේ. · වෙළෙඳපොළ සමතුලිතයක ඇති කොන්දේසි පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. 1 අපේක්ෂිත ඉල්ලූම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය. 2 අපේක්ෂිත ඉල්ලූම් ප‍්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප‍්‍රමාණය සමානවිය යුතු ය. 3 අධි ඉල්ලූම් ප‍්‍රමාණය හා අධි සැපයුම් ප‍්‍රමාණය ශුන්‍ය විය යුතු ය. 4 අධි ඉල්ලූම් මිල හා අධි සැපයුම් මිල ශුන්‍ය විය යුතු ය. 5 පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතු ය. · වෙළෙඳපොළ සමතුලිතය සත්ය වෙළෙඳපොළ තත්ත්වයක් නොව අපේක්ෂිත තත්ත්වයකි. · වෙළෙඳපොළ සමතුලිතය වෙළෙඳපොළ දිශාව පෙන්නුම් කරන දර්ශකයකි. · සමතුලිත තත්ත්වයෙන් වෙළෙඳපොළක් ඈත්වුණු විට නැවත ස්වයංක්ර...
2.9 :- සැපයුම් මිල නම්‍යතාව ගණනය කරමින් එහි භාවිතයේ වැදගත්කම විග‍්‍රහකරයි. සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී භාණ්ඩයේ මිල වෙනස්වීම කෙරෙහි සැපයුම් ප‍්‍රමාණය දක්වන සංවේදීතාව සැපයුම් මිල නම්‍යතාව යි. · එනම් සලකා බලන භාණ්ඩයේ මිල යම් ප‍්‍රතිශතයකින් වෙනස් වන විට සැපයුම් ප‍්‍රමාණය කොපමණ ප‍්‍රතිශතයකින් වෙනස් වේ ද යන්න මැන දැක්වීම සැපයුම් මිල නම්‍යතාවයෙන් සිදු කරයි. සැපයුම් නම්‍යතාව ලෙසින් ව්යවහාර වන්නේ ද සැපයුම් මිල නම්‍යතාව ම ය. · සැපයුම් මිල නම්‍යතාව පහත ආකාරයට ගණනය කළ හැකි ය. රූපය 32 රූපය 33 භාණ්ඩයේ මිල සැපයුම් ප‍්‍රමාණයක් අතර පවත්නා අනුලෝම සම්බන්ධය නිසා සැපයුම් නම්‍යතාව සංගුණකය ධන අගයක් ගනී. මෙසේ සිදු වන්නේ සැපයුම් වක‍්‍රය ධන බැවුමකින් යුක්ත නිසා ය. · සැපයුම් වක‍්‍රයේ කිසියම් ලක්‍ෂ්‍යයක නම්‍යතාව ගණනය කළ විට එම ලක්‍ෂ්‍යය සැපයුම් නම්‍යතාවයි. · ලක්ෂ්ය සැපයුම් නම්‍යතාව ගණනය කිරීම සදහා ද යොදා ගනු ලබන්නේ ඉහත දැක්වූ සැපයුම් නම්‍යතා සූත්රය ම ය. එය පහත පරිදි දැක්විය හැකි ය. රූපය 34 මෙලෙස එක ම ප‍්‍රමාණයකින් මිල අඩු වීමේ දී හා වැඩි වීමේ දී විශාල වෙනස්කම් සහිත නම්‍යතා අගය දෙ...
2 :- ඉල්ලූම, සැපයුම, නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය විශ්ලේෂණය කරයි. 2.1 :- ඉල්ලූම් තීරක ඇසුරින් ඉල්ලූම් න්‍යාය හා ඉල්ලූම් නීතිය විග‍්‍රහකරයි. · නිශ්චිත කාලයක් තුළ ඉල්ලූම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩය සඳහා වූ විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප‍්‍රමාණ ඉල්ලූම ලෙස හැඳින්වේ. ඉල්ලූම පහත පරිදි වර්ග කළ හැකි ය, · පෞද්ගලික ඉල්ලූම · වෙළෙඳපොළ ඉල්ලූම නිශ්චිත කාලයක් තුළ දී වෙළෙඳපොළේ සිටින එක් ගැනුම්කරුවකු විසින් සලකා බලන භාණ්ඩයට පවතින විකල්ප මිල යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප‍්‍රමාණ පෞද්ගලික ඉල්ලූම ලෙස හැඳින්වේ. · නිශ්චිත කාලයක් තුළ දී වෙළෙඳපොළේ සිටින සියලූම ගැනුම්කරුවන් විසින්, සලකා බලන භාණ්ඩය සඳහා පවතින විකල්ප මිල ගණන් යටතේ මිල දී ගැනීමට අපේක්ෂා කරන ප‍්‍රමාණවල එකතුව වෙළෙඳපොළ ඉල්ලූම ලෙස හැඳින්වේ. රූපය 1 · පෞද්ගලික ඉල්ලූම තීරණය කරන සාධක වලට අමතරව ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව හා සංයුතිය යන සාධකය වෙළෙඳපොළ ඉල්ලූම තීරණය වීම කෙරෙහි බලපායි. රූපය 2 § ඉල්ලූම් තීරණය වීමට බලපාන  ඕනෑම සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලූම වෙනස් වන ආකාරය විග...