2.7 :- සැපයුම් තීරක ඇසුරින් සැපයුම් න්‍යාය හා සැපයුම් නීතිය විග‍්‍රහකරයි.
ආර්ථික විද්‍යාවේ දී සැපයුම යනුවෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත කාලපරිච්ෙඡ්දයක් තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළේ පැවතිය හැකි විකල්ප මිලයන් හී දී නිෂ්පාදකයන් විසින් සැපයීමට කැමති, සැපයීමට හැකියාව ඇති සහ සපයනු ලබන විවිධ ප‍්‍රමාණ ය.
· සැපයුම පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකි ය
· ආයතනයක සැපයුම
· වෙළෙඳපොළ සැපයුම
· සම්පත් භාවිත කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර විකිණීමට ඉදිරිපත් කරන ආර්ථික ඒකකයක් ආයතනයක් නම් වේ.
නිදසුන්:- විකිණීම සඳහා වී වගා කරන ගොවියෙකි.
· එවැනි ආයතනයක් නිශ්චිත කාලයක් තුළ විවිධ මිල ගණන් යටතේ සැපයීමට කැමති ප‍්‍රමාණ ආයතනික සැපයුම වේ.
නිදසුන් :- ඉහත සඳහන් ගොවියා විවිධ මිල ගණන් යටතේවෙළෙඳපොළට අලෙවි කරන වී කිලෝ ග්රෑම් ප‍්‍රමාණ
· යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදනය කරන සියලූ ආයතනයන්හි එකතුව වෙළෙඳපොළ නම් වේ.
නිදසුන් :- විකිණීම සඳහා වී වගා කරන සියලූ ම ගොවීන්ගේ එකතුව
· එම ආයතන සියල්ල ම නිශ්චිත කාලයක් තුළ අලෙවි කරන ඒකක ප‍්‍රමාණයන්ගේ එකතුව වෙළෙඳපොළ සැපයුමයි.
§ නිදසුන් :- :- සියලූ ම වී ගොවීන් විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන වී කිලෝ ග්රෑම් ප‍්‍රමාණය
රූපය 24
ආයතනික සැපයුම තීරණය කරන සාධක වලට අමතර ව වෙළෙඳපොළේ සිටින නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව වෙළෙඳපොළ සැපයුම තීරණය කරන සාධකවලට එකතු වේ.
රූපය 25
සැපයුම තීරණය කරන ඕනෑම සාධකයක් වෙනස් වීම ට අනුකූල ව සලකා බලන භාණ්ඩයේ සැපයුම වෙනස් වන ආකාරය විග‍්‍රහකොට දැක්වීම සැපයුම් න්‍යායයි.
· සැපයුම් නීතිය යනු යම් නිශ්චිත අවස්ථාවක දී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප‍්‍රමාණය අතර පවතින අනුලෝම සම්බන්ධතාවයි.
· සැපයුම් නීතිය ඉදිරිපත් කළ හැකි ක්රම කිහිපයක් ඇත. එනම්
· සැපයුම් ලේඛනයක් මගින්
· සැපයුම් වක‍්‍රයක් මගින්
· සැපයුම් සමීකරණයක් මගින්
· සැපයුම් ලේඛනය යනු නිශ්චිත අවස්ථාවක දී සැපයුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයට පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ සැපයීමට අපේක්ෂා කරන විවිධ ප‍්‍රමාණයන් දක්වන සංඛ්යා සටහන යි. එය පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.
රූපය 26
දෙන ලද නිශ්චිත අවස්ථාවක දී සැපයුමට බලපාන අනිකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයට පවතින විවිධ වූ මිල ගණන් යටතේ සැපයීමට අපේක්ෂා කරන ප‍්‍රමාණයන් සම්බන්ධ කොට අඳිනු ලබන රේඛාව සැපයුම් වක‍්‍රය යි. එය පහත පරිදි ඉදිරිපත්කළ හැකිය.
රූපය 27
දෙන ලද නිශ්චිත අවස්ථාවක දී සැපයුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස් ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප‍්‍රමාණය අතර පවතින අනුලෝම සම්බන්ධතාව වීජීය ප‍්‍රකාශනයක් මගින් දැක්වීම සැපයුම් සමීකරණය යි.
රූපය 28
සැපයුම් නීතියට වැඩි වන ආන්තික පිරිවැය නීතිය බලපායි.
· කිසියම් භාණ්ඩයක් වැඩියෙන් නිෂ්පාදනය කරන විට එහි ආවස්ථික පිරිවැය ද ඉහළ යන බව වැඩි වන ආන්තික පිරිවැය නීතියෙන් කියවේ. නිමැවුම වැඩි වන විට ආන්තික පිරිවැය ද ඉහළ නගින බැවින් සිය නිෂ්පාදනය වැඩි කිරීමට නිෂ්පාදකයන් පෙලඹෙනුයේ වැඩිවන ආන්තික පිරිවැය පියවා ගැනීමට හැකි වන පරිදි භාණ්ඩයේ මිල ඉහළ නගිනවා නම් පමණි.

Comments
Post a Comment