2. 12 :-වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වීම විග‍්‍රහකරයි. තරගකාරී වෙළෙඳපොළක සමතුලිත මිලක දී අනෙකුත් සාධක බලපෑම නිසා ඉල්ලූම් වක‍්‍රය හෝ සැපයුම් වක‍්‍රය හෝ වමට හෝ දකුණට විතැන් වීම නිසා වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වේ. · වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර පහත පරිදි වේ. · සැපයුම් වක‍්‍රය ස්ථාවර ව තිබිය දී ඉල්ලූම් වක‍්‍රය වෙනස් වීම · ඉල්ලූම් වක‍්‍රය ස්ථාවර ව තිබිය ද සැපයුම් වක‍්‍රය වෙනස් වීම · ඉල්ලූම් සහ සැපයුම් වක‍්‍ර දෙක ම එක වර වෙනස් වීම · සැපයුම් වක‍්‍රය ස්ථාවර ව තිබිය දී ඉල්ලූම් වක‍්‍රය වෙනස් වීම අනුව වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. රූපය 56 ඉල්ලූම් වක‍්‍රය සහ සැපයුම් වක‍්‍රය සමාන ප‍්‍රමාණයකින් වෙනස් වීම අනුව වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. රූපය 57 ඉල්ලූම වැඩි වන ප‍්‍රතිශතයට සමාන ප‍්‍රතිශතයකින් සැපයුම අඩු වූ විට සමතුලිත ප‍්‍රමාණය වෙනස් නොවේ. මෙය ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. රූපය 58
2. 11 :-වෙළෙඳපොළ සමතුලිතය තීරණය වන ආකාරය තරගකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ අපේක්ෂාවන් තුලනය වන අවස්ථාව වෙළෙඳපොළ සමතුලිතය යි. · එහි දී ඉල්ලූම්කරුවන් ඉල්ලන ප‍්‍රමාණයත් සැපයුම්කරුවන් සපයන ප‍්‍රමාණයත් එකිනෙකට සමාන වෙන නිසා අධි ඉල්ලූම්ක් හෝ අධි සැපයුමක් හෝ දක්නට නොලැබෙන අතර ඉල්ලූම්කරුවන්ගේ අපේක්ෂිත මිල හා සැපයුම්කරුවන්ගේ අපේක්ෂිත මිල එකිනෙකට සමාන වන බැවින් අධි ඉල්ලූම් මිලක් හෝ අධි සැපයුම් මිලක් ඇති නොවේ. · වෙළෙඳපොළ සමතුලිතයක ඇති කොන්දේසි පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. 1 අපේක්ෂිත ඉල්ලූම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය. 2 අපේක්ෂිත ඉල්ලූම් ප‍්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප‍්‍රමාණය සමානවිය යුතු ය. 3 අධි ඉල්ලූම් ප‍්‍රමාණය හා අධි සැපයුම් ප‍්‍රමාණය ශුන්‍ය විය යුතු ය. 4 අධි ඉල්ලූම් මිල හා අධි සැපයුම් මිල ශුන්‍ය විය යුතු ය. 5 පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතු ය. · වෙළෙඳපොළ සමතුලිතය සත්ය වෙළෙඳපොළ තත්ත්වයක් නොව අපේක්ෂිත තත්ත්වයකි. · වෙළෙඳපොළ සමතුලිතය වෙළෙඳපොළ දිශාව පෙන්නුම් කරන දර්ශකයකි. · සමතුලිත තත්ත්වයෙන් වෙළෙඳපොළක් ඈත්වුණු විට නැවත ස්වයංක්ර...